පුංචි පුතු මගේ
දස මස කුස නොදැරුවාට
ලේ කිරි කර නොපෙව්වාට
බිළිදු පුතා උපන් වෙලේ
කදුළින් නෙත් බරවී ගිය
දහඩිය බිදු වගුරුවන්න
පුංචි පුතුට සුර ලෝකය මවා දෙන්න
බිළිදු සිනා විය සවියක්
පළල්ව ගිය අතැගිලි තුළ
මතුවී ආ රළු කැටයම
කිසිදා ඔබ රිදුමක් යැයි ලොවට නොකී
ඔබෙ දහඩිය සැමදා සුවයක් විය
පුතු නිවසේ...........
ඩී.එම.කේ.දිල්රුක්ෂි දිසානායක
2018/06/19