Monday, July 23, 2018

වැසිකිළිය


වැසිකිළිය

අප්පච්චි ලෑස්ති ද ...? හරි හරි ලෑස්තියි යමු. නිදිමත ඇතත් මම නිදිමත අමතක කර නිවසින් පිටත්වූයේ අද දින මොණරාගල නගරයේ පැවැත්වෙන රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ විවෘත තරග විභාගයක් සදහා උපකාරක සම්මන්ත්‍රණයකට සහභාගි වීම සදහා ය. සරසවියේ විභාග, එසයිමන්ට්, ප්‍රසන්ටේෂන් වලින් හෙම්බත්වෙලා හිටපු අපිට ඉන් එළියට ඇවිත් ආයෙත් විභාගවලට පෙනී සිටීමට සිදුවීමේ දැඩි අපහසුතාවත් සමග මේ ගමන යෑමේ අකමැත්තක් මා තුළ නොතිබුණා නොවේ. පෙර දින රාත්‍රී ගත් කෑමවේල නිසා කිසියම් හෝ අජීර්ණයක් මා තුළ ඇති වී ඇති බව රාත්‍රියේ සිටම දැනී තිබුණි. එය නම් අද දින පමණක් නොව ගමනක් යන්නට සැරසෙන සෑම දිනකම පාහේ මෙවන් බඩේ අමාරුවන් සෑදීම දැන් මට පුරුද්දකට ගොස් ඇත. ආයෙත් වරක් නිවසේ වැසිකිළියට ගොස් අප්පච්චී සමග අප්පච්චී සමග බයිසිකලයෙන් ටවුමට ගියේ කුස තුළ් කැරකෙමින් දැවෙන බඩේ අමාරුවත් සමග වීම මෙම ගමන යෑම තව දුරටත් මා තුළ වූ අකමැත්ත තීව්‍ර කරන ලදී.
අහම්බයක් සිදු වුණා එදින මට, කිසිදා මා නැවතත් අපේක්ෂා නොකරන, බයිසිකලය බස් නැවතුම ළග නතර කරනවාත් සමග නැවත වැසිකිළිය යෑමේ අවශ්‍යතාවක් ඇති විය. දරාගැනීමට නොහැකිම තැන මම " අප්පච්චී මට දැන්නම් ටොයිලට් එකට යන්නම ඕනි. අනේ පොඩ්ඩක් බලන්නකෝ " කීවෙමි. අප්පච්චි වැසිකිළිය දෙසට ගොස් නැවත පැමිණියේ " ගැහැණු වැසිකිළිය නම් වහලා, පිරිමි යන එකට තමයි යන්න වෙන්නෙ. මං දොර ළග ඉන්නම් ගිහින් එන්න " යි කියමින් මා අත තිබූ බෑගය ද තුරුළට ගනිමිනි.
වෙලාව පාන්දර හය පමණ වී තිබුණි. කවුරුත් පිරුමි පුද්ගලයින් අවට නොගැවසුණු නිසාත් අන් විකල්පයක් මා සතුව නොතිබුණු නිසාත් දහස් වරක් වටපිට බලමින් වැසිකිළියට ඇතුල් වීමි. " ආහ්...! "මගේ මුවින් පිටවූ එකම වචනය විය. එය නම් වැසිකිළියක්ම විය. අඩි හතරක් තරම් වූ පැති බිත්ති තුනකින් වට වූ වැසිකිළියෙහි දොරෙහි පවා ලාංකීය පුරුෂයන්ගේ මනෝ විකෘතිතාවයන් එහි දර්ශනය විය. සිය පියා අතින් බිළිදි දියණිය දූෂණය වීම මට සිහිවිය. මුණුබුරා අතින් සිය මිත්‍තණිය දූෂණය වීම මට සිහිවිය. අරුමයක් නොව මෙවන් දර්ශයන් ඊට සියුම් හෝ පෙළඹවීමක් නොකරනු ඇතැයි විශ්වාස කළ නොහැක. හදිස්සියේ නමුදු මාගේ ශරීර කෘත්‍ය සිදු කරන අතරතුර මා පසුපස බිත්තිය දෙස හැරී බැලුවෙමි. එම අවස්ථාව අනුව එය කළ යුත්තක් ද නොකළ යුත්තක් ද යන්න පවා මට අමතකව ගොස් තිබුණි. නමුත් මා එය හොදින් පරීක්ෂා කර බැලීමි. එහි ලියා ඇති දෑ කියවූවෙමි. ඇද තිබූ රූප දෙස බැලීමි. පද බැදි ගී කියවූවෙමි. ඇත්තෙන්ම එය වැසිකිළියකි.
මා කිසි දිනෙක මෙදන් අපහසුතාවයකට පත්ව නැත.


මානසික විකෘතිතාවලින් මානසික අසහනයෙන් පෙළෙන තවත් ජාතියක් පවතීද එය නම් සැබවින්ම සාවද්‍යයකි. වටවූ බිත්ති හතරක් තුළ පුරුෂයන්ගේ ආශාවන් එහි දර්ශනය විය. ඔහු පෙම් කළ යුවතිය අහිමි වීමේ වේදනාවටත්  වඩා ඇයට කරන්නට තිබූ අතවරය මගහැරී යාමේ පුරුෂයෙකුගේ පසු තැවීම වැසිකිළි බිත්තියේ සනිටුහන් වී තිබුණි. එහි ජංගම දුරකථන අංකය, ලිපිනය පවා එහි සනිටුහන් වී තිබුණි.


සීගිරියේ කැටපත් පවුරක කුරුටු ගෑ අපූර්ව සාහිත්‍යක් මා දැක ඇත. සරසවියේ බිත්තියක් මත ලිය වූ කුරුටු ගී සාහිත්‍යක් මා දැක ඇත. බන්ධනාගාක් තුළ අගුරුවලින් කුරුටු ගෑ අපූර්ව සාහිත්‍යක් පිළිබඳව මා අසා ඇත. වැසිකිළියක් තුළ සිය ආත්ම ප්‍රකාශයන් රචිත කිරීම තුළ සාහිත්‍යක් ගොඩනැගීම පිළිබඳව මා ඉදිරියේ පළමු වරට දෘශ්‍යමාන විය. මා එය සාහිත්‍යක් යැයි කීම වැරදකි. එහි මා දුටු සාහිත්‍යක් නම් නැත. මන් ද යත් ඉතාමත් අශෝභන ලෙස පුරුෂයින්ගේ කාමුකත්වය එහි ප්‍රතිනිර්මාණය කර තිබූ බැවිනි. එය කාන්තා වැසිකිළියක දුටුව අයෙකුට " එය අපට පමණක් නොවයි " යනුවෙන්  මා විවේචනය කළ හැකිය.

එහි වූ සිතුවම් දුටු කළ මට නිතැතින්ම සිහි වූයේ  මගේ බාල සහෝදරයන් ය. මන්ද ඔහුනුත් මෙම වැසිකිළිට එන යන බැවිණි. ළමා මානසිකත්වය ලියා ඇති කවියක ගීතයක ව්‍යංග තේරුම් නොගනිතත් දුටු පමණින් සිතුවමක අර්ථය වටහා ගනී. කලියුගය කාලයැක්මයි සමාජය. අතිශය සෝචනීය වී ඇත. දිනක් දිනක් පාසා උදේ සවස පත්තරයක රූපවාහිනී ප්‍රවෘත්තියක් තුළ ස්ත්‍රී දූෂණයක් ළමා අපචාරයක් නැති දවසක් නැත. ඒවාට ගත් නීතිමය ක්‍රියාවක් ද නැ. සිදු වනුයේ මතකය යටපත් වන තුරු සිය දහස් වාරයක් මාධ්‍ය තුළ නැවත නැවතත් ඇය අතවර වීම පමණි.






                       
                                                                                 ඩී.එම.කේ.දිල්රුක්ෂි දිසානායක

                                                     2018/07/23


No comments:

Post a Comment